Wednesday, July 3, 2019

CloudFlare සේවාවන්හි දෝෂයක්




මේ වන විට Cloudflare Services වල ඇති වී ඇති දෝශයක් හේතුවෙන් ලොව වටා Cloudflare භාවිත කරන වෙබ් අඩවි විශාල සංඛ්‍යාවක් පහත වැටී ඇත. මෙම ඇනහිටීම් ගෝලීයව සියලුම cloudflare සේවාවන්ට බලපා ඇත. 

Cloudflare භාවිත කරන වෙබ් අඩවි වලට පිවිසීමේදී පාරිභෝගිකයින්ට 502 එනම් Bad Gateway error එක අත්විඳිය හැකි බව Cloudflare ආයතන මේ වන විට පවසා ඇත.
මෙම ගැටලුවට Chat සේවාවක් වන Discord, Cryptocurrency Websites කිහිපයක්ද මුහුන පා ඇත. හාස්‍යයට කාරණාව නම් වෙබ් අඩවි පහත වැටී ඇද්දැයි පරික්ෂා කර බලන "
" වැනි වෙබ් අඩවි ද මේ හේතුවෙන් පහත වැටී ඇත. එම නිසා පාරිභෝගියන් කුමන services පහත වැටී ඇද්දැයි යන්න බලා ගැනීමටද අපහසුතාවයකට පත්ව ඇත. 

Update: මෙයට හේතු වී අත්තේ Cloudflare servers වල CPU usage එක විශාල ලෙස වැඩි වීමක් (CPU spike) නිසා ප්‍රාථමික හා ද්විතීයික පද්ධති අකර්මන්‍ය විමකි.
මෙම Spike වීමට හේතු වූ process එක Shut Down කර ඇති අතර ඇති වූ දෝශය මිනිත්තු 30 ක් ඇතුළත යථා තත්ත්වයට පත් කිරීමට හැකි වී ඇත.  මෙයට මූලික හේතුව දැන් විමර්ශනය කරමින් සිටින බව Cloudflare ආයතනය සදහන් කර ඇත.

දැනුමට වටිනාකමක්



දැනුම කියන්නේ කවදාවත්ම අපතේ යන දෙයක් නෙමේ කියලා අපි හැමෝම දන්න දෙයක් නේ.ඒ දැනුමට මුල්‍යමය වටිනාකමක් ලබා දෙන ලෝකයම පිළිගත් ජාත්‍යන්තර වැඩසටහනක් තමයි Who Wants to Be a Millionaire කියන්නේ. ඒ වැඩසටහනෙම ශ්‍රී ලාංකීය අනුවාදය ( Srilankan Version ) තමයි අපි කවුරුත් දන්න සිරස මාධ්‍ය ජාලයේ විකාශනය වන සිරස ලක්ෂපති වැඩසටහන
මම අද කතා කරන්නෙ ඇමරිකාවේ Who Wants to Be a Millionaire වැඩසටහනේ  ඉහළම ත්‍යාග මුදල වුනු ඩොලර් මිලියනය දිනා ගත් දසවන පුද්ගලයා පිළිබද. ඔහු නමින් ජෝන් කාර්පෙන්ටර් ( John Carpenter ).මොහු දැනට ඇමරිකාවේ IRS නිළධාරියෙක් විදිහට සේවය කරනවා.
ඔබ සිතනවා ඇති ඇයි මම
ඇමරිකාවේ Who Wants to Be a Millionaire වැඩසටහනේ ඉහළම ත්‍යාග මුදල දිනපු පළවෙනි පුද්ගලයා ගැන කතා කරන්නෙ නැතුව දසවෙනි පුද්ගලයා පිළිබදව කතා කරන්නෙ කියලා.එයට හේතුවක් තියෙනවා, ඔබ දන්නවා සිරස ලක්ෂපති වැඩසටහනේ අසන ප්‍රශ්න වලට පිළිතුරු ලබා දීමේදී යම් අපහසුතාවයකට ලක් වුවහොත් උපකාර අවස්ථාවන් 3ක් ලබා දෙන බව . එනම් , Fifty Fifty ( 50 : 50 ) | Ask the Audience සහ Call a Friend ... ජෝන් කාර්පෙන්ටර් අනෙක් ජයග්‍රාහකයන්ට වඩා සුවිශේෂී වන්නෙ ඔහු ඉහත සදහන් කළ කිසිම ආකාරයේ උපකාර අවස්ථාවක් ලබා නොගෙන ඉහළම ජයග්‍රාහී ත්‍යාග මුදල වුණු ඩොලර් මිලියනයේ මුදල ලබා ගැනීමයි
එහිදී ඔහුගෙන් අසනු ලැබූ ඩොලර් මිලියනයේ ප්‍රශ්නය වූයේ " Laugh In නැමැති රූපවාහිනී කතා මාලාවට දායක වුණු ඇමරිකානු ජනාධිපතිවරයා කවුරුන් ද " යන්නයි.
මෙම පැනයට පිළිතුරු දීමට පෙර හරි අපූරු සිදුවීමක් වුනා. ඔහු තමන් සතු උපකාරක අවස්ථා 3න් Call a Friend අවස්ථාව ලබා ගන්නවා.එහිදී ඔහු කතා කරන්නෙ තමන්ගේ පියාට.ඔහු එම අවස්ථාවේදී තම පියාට පවසන්නේ " තාත්තේ ඔබගෙන් උපකාරයක් මම බලාපොරොත්තු වෙන්නෙ නෑ . මම ප්‍රශ්නයට උත්තරේ දන්නවා.මම ඩොලර් මිලියන දිනලා ඉවරයි කියලා " ඔහුගේ මුවින් පිටවූ ඒ වචන පෙළින් ප්‍රේක්ෂකාගාරය දැඩි නිශ්ශබ්දතාවයකට පත් වූහ.
ඔහු තමන්ට ලැබුනු අවසාන පැනයට පිළිතුර පූරකට ඉතාමත් ආත්මවිශ්වාසයකින් යුතුව ලබා දුන්නා...එතැන් පසු එළඹූ විනාඩි කිහිපය ප්‍රේක්ෂකාගාරය නැවතත් දැඩි නිශ්ශබ්දතාවයට පත් කර වූවා.. " ඔව්, ඔබගේ පිළිතුර වූ Richard Nixon නිවැරදී පිළිතුර ලෙස බාර ගන්නවා ඔබ මේ දැන් ඩොලර් මිලියනක මුදලක් ඔබ සතු කර ගන්නවා " පූරකගෙන් ප්‍රකාශ වූ එම වචන පෙළත් සමග ප්‍රේක්ෂකාගාරයේ දැඩි ඔල්වරසන් මැදින් ජෝන් කාර්පෙන්ටර් ජයග්‍රහනයේ හිනි පෙත්තටම පත් වුනා.
දැනුම කියන්නෙ මහ පුදුමාකාර දෙයක්.එය කවදාවත් අපතේ නොයන මහා අනර්ඝ සම්පතක් , ඔබ දැනුම පසුපස හඹා යන්න පුරුදු වෙන්න, සමහර විට මේ අවස්ථාවේ නොවෙන්න පුලුවන් ඒත් කවදා හෝ දිනක ජෝන් කාර්පෙන්ටර් වගේ ඔබගේ දැනුම ඔබව යා හැකි උපරිම තැනට ඔබව රැගෙන යනු නොවනුමානයි... 😎💪
( ලසික )

Monday, July 1, 2019

ශැගීගේ අදෝනාව




ස්කූබි ඔයාට මතක ද මායි , ඔයයි , ඩැෆ්නියි , වෙල්මයි , ෆ්‍රෙඩියි එකතු වෙලා කරපු රහස් පරීක්ෂණ වැඩ.අපි කොච්චරනම් හොල්මන් විදිහට වෙස්වලාගෙන හිටපු හොරු වංචාකාරයො අල්ලලා තියෙනවද

අපි දෙන්නා කොච්චර නම් බඩජාරියෝ දෙන්නෙක්ද , තැනක් නොතැනක් නැතුව අපි කොච්චර නම් මල පෙරේතයො දෙන්නෙක් වගේ කාලා තියෙනවද , ස්කූබි විස්කෝතු වල රහ තාම ඔයාට මතකද මගෙ අති ජාත මිත්‍රයා , බල්ලන්ට දෙන විස්කෝතු කියලා නෑ මාත් පුදුම ආසවකින් ඒවා කෑවේ ( මතක් වෙන කොටත් කටට කෙළ උනනවා ) , ඩැෆ්නි කොච්චරනම් අපිට හොල්මන් අල්ලනකොට ස්කූබි විස්කෝතු වලින් පගාව දීලා වැඩ අරන් තියෙනවද , ඒ වෙලාවෙ තිබුණු අවදානමවත් හිතන්නෙ නැතුව ස්කූබී විස්කෝතු වලට කෑදර කමේ අපි කොච්චරනම් වැඩ කරාද

ලැජ්ජාවෙන් වුනත් පිළිගන්න වෙනවා අපේ ස්කූබි ඩූ රහස් පරීක්ෂණ කණ්ඩායමේ බයගුල්ලොම දෙන්නා අපි කියලා , ඒ වුනත්  අන්තිමට හැමදාමත් හොල්මන් අල්ලලා දෙන්නෙත් අපි දෙන්නම තමයි..
ඒ අතීතය කොච්චර නම් සුන්දර ද මගෙ අති ජාත මිත්‍රයා

අද අපි කට්ටිය සී සී කඩ විසිරිලා ගිහින් , ෆ්‍රෙඩී දැන් වාහන අලවිකරන සමාගමක විධායක නිලධාරීයෙක් වෙලා , එයාට දැන් එයා ගැන හිතන්නවත් වෙලාවක් නෑ ලු . ඩැෆිනිත් අලුතින් එයාගෙම කියලා සැලුන් එකක් පටන් අරගෙන. මම හිතන විදිහට ඒ දෙන්නා ළගදිම කසාද බදියි.

දන්නවද වෙල්මත් දැන් හාවඩ් University එකේ අපාරාධ විද්‍යාව ගැන මහාචාර්යවරියක්.මාසෙකට සැරයක් වගේ වෙල්මා මට කතා කරනවා.කොහොමත් එදා ඉදලම අපි දෙන්නා ගැන කාටත් වඩා හොයලා බැලුවේ වෙල්මනේ , ඒත් හැමදේම මතක තියෙන වෙල්මටත් අද එක දෙයක් මතක නැති වුණා මගෙ අතිජාත මිත්‍රයා


ඒ ඔයා නැති වෙලා අදට හරියටම අවුරුද්දක් කියන එක.... 😔😔

දන්නවද මට දැන් හරි හමන් රස්සාවක් නෑ.මේ ළගකදී හෝටලයක වේටර් ජොබ් එකක් හම්බ වුනා , ඒත් ඒ ජොබ් එකේදී කෑම දකිද්දි හැමදාම ඔයාව මතක් වෙනවා.ඒ නිසා ඒකෙන් මම ඉක්මනටම අයින් වුනා...

ඉස්සර වගේ දැන් මට කන්න බෑ , දැන් බඩගින්නට විතරයි මම පොඩි දෙයක් කටේ දාගන්නෙ.


අන්තිමටම කියන්න තියෙන්නෙ එක දෙයයි  මගෙ අති ජාත මිත්‍රයා , හොදට මතක තියා ගන්න කවුරු ඔයා ළග නැති වුණත් ඔයාගෙ හොදම යාලුවා ශැගී ඔයා ළග හැමදාමත් ඉන්නවා කියන එක 😔

( ලසික )

MY NEW DISPLAY PHOTO | LASIKA NIMESH


 MY NEW DISPLAY PHOTO 

“All Life is an Experiment.The More Experiments You Make the Better.” 😎✌️

New Hair CutNew T Shirt | A New Hope | New Month | My Style Mobile Photography | Free Time Selfie

CloudFlare සේවාවන්හි දෝෂයක්

මේ වන විට Cloudflare Services වල ඇති වී ඇති දෝශයක් හේතුවෙන් ලොව වටා Cloudflare භාවිත කරන වෙබ් අඩවි විශාල සංඛ්‍යාවක් පහත වැටී ඇත. මෙම...