දැනුම කියන්නේ කවදාවත්ම අපතේ යන දෙයක් නෙමේ කියලා අපි හැමෝම දන්න දෙයක් නේ.ඒ දැනුමට මුල්‍යමය වටිනාකමක් ලබා දෙන ලෝකයම පිළිගත් ජාත්‍යන්තර වැඩසටහනක් තමයි Who Wants to Be a Millionaire කියන්නේ. ඒ වැඩසටහනෙම ශ්‍රී ලාංකීය අනුවාදය ( Srilankan Version ) තමයි අපි කවුරුත් දන්න සිරස මාධ්‍ය ජාලයේ විකාශනය වන සිරස ලක්ෂපති වැඩසටහන
මම අද කතා කරන්නෙ ඇමරිකාවේ Who Wants to Be a Millionaire වැඩසටහනේ ඉහළම ත්‍යාග මුදල වුනු ඩොලර් මිලියනය දිනා ගත් දසවන පුද්ගලයා පිළිබද. ඔහු නමින් ජෝන් කාර්පෙන්ටර් ( John Carpenter ).මොහු දැනට ඇමරිකාවේ IRS නිළධාරියෙක් විදිහට සේවය කරනවා.
ඔබ සිතනවා ඇති ඇයි මම
ඇමරිකාවේ Who Wants to Be a Millionaire වැඩසටහනේ ඉහළම ත්‍යාග මුදල දිනපු පළවෙනි පුද්ගලයා ගැන කතා කරන්නෙ නැතුව දසවෙනි පුද්ගලයා පිළිබදව කතා කරන්නෙ කියලා.එයට හේතුවක් තියෙනවා, ඔබ දන්නවා සිරස ලක්ෂපති වැඩසටහනේ අසන ප්‍රශ්න වලට පිළිතුරු ලබා දීමේදී යම් අපහසුතාවයකට ලක් වුවහොත් උපකාර අවස්ථාවන් 3ක් ලබා දෙන බව . එනම් , Fifty Fifty ( 50 : 50 ) | Ask the Audience සහ Call a Friend ... ජෝන් කාර්පෙන්ටර් අනෙක් ජයග්‍රාහකයන්ට වඩා සුවිශේෂී වන්නෙ ඔහු ඉහත සදහන් කළ කිසිම ආකාරයේ උපකාර අවස්ථාවක් ලබා නොගෙන ඉහළම ජයග්‍රාහී ත්‍යාග මුදල වුණු ඩොලර් මිලියනයේ මුදල ලබා ගැනීමයි

එහිදී ඔහුගෙන් අසනු ලැබූ ඩොලර් මිලියනයේ ප්‍රශ්නය වූයේ " Laugh In නැමැති රූපවාහිනී කතා මාලාවට දායක වුණු ඇමරිකානු ජනාධිපතිවරයා කවුරුන් ද " යන්නයි.
මෙම පැනයට පිළිතුරු දීමට පෙර හරි අපූරු සිදුවීමක් වුනා. ඔහු තමන් සතු උපකාරක අවස්ථා 3න් Call a Friend අවස්ථාව ලබා ගන්නවා.එහිදී ඔහු කතා කරන්නෙ තමන්ගේ පියාට.ඔහු එම අවස්ථාවේදී තම පියාට පවසන්නේ " තාත්තේ ඔබගෙන් උපකාරයක් මම බලාපොරොත්තු වෙන්නෙ නෑ . මම ප්‍රශ්නයට උත්තරේ දන්නවා.මම ඩොලර් මිලියන දිනලා ඉවරයි කියලා " ඔහුගේ මුවින් පිටවූ ඒ වචන පෙළින් ප්‍රේක්ෂකාගාරය දැඩි නිශ්ශබ්දතාවයකට පත් වූහ.
ඔහු තමන්ට ලැබුනු අවසාන පැනයට පිළිතුර පූරකට ඉතාමත් ආත්මවිශ්වාසයකින් යුතුව ලබා දුන්නා...එතැන් පසු එළඹූ විනාඩි කිහිපය ප්‍රේක්ෂකාගාරය නැවතත් දැඩි නිශ්ශබ්දතාවයට පත් කර වූවා.. " ඔව්, ඔබගේ පිළිතුර වූ Richard Nixon නිවැරදී පිළිතුර ලෙස බාර ගන්නවා ඔබ මේ දැන් ඩොලර් මිලියනක මුදලක් ඔබ සතු කර ගන්නවා " පූරකගෙන් ප්‍රකාශ වූ එම වචන පෙළත් සමග ප්‍රේක්ෂකාගාරයේ දැඩි ඔල්වරසන් මැදින් ජෝන් කාර්පෙන්ටර් ජයග්‍රහනයේ හිනි පෙත්තටම පත් වුනා.
දැනුම කියන්නෙ මහ පුදුමාකාර දෙයක්.එය කවදාවත් අපතේ නොයන මහා අනර්ඝ සම්පතක් , ඔබ දැනුම පසුපස හඹා යන්න පුරුදු වෙන්න, සමහර විට මේ අවස්ථාවේ නොවෙන්න පුලුවන් ඒත් කවදා හෝ දිනක ජෝන් කාර්පෙන්ටර් වගේ ඔබගේ දැනුම ඔබව යා හැකි උපරිම තැනට ඔබව රැගෙන යනු නොවනුමානයි... 😎💪
( ලසික )

No comments:
Post a Comment