මේ වන විට Cloudflare Services වල ඇති වී ඇති දෝශයක් හේතුවෙන් ලොව වටා Cloudflare භාවිත කරන වෙබ් අඩවි විශාල සංඛ්‍යාවක් පහත වැටී ඇත. මෙම ඇනහිටීම් ගෝලීයව සියලුම cloudflare සේවාවන්ට බලපා ඇත.
Cloudflare භාවිත කරන වෙබ් අඩවි වලට පිවිසීමේදී පාරිභෝගිකයින්ට 502 එනම් Bad Gateway error එක අත්විඳිය හැකි බව Cloudflare ආයතන මේ වන විට පවසා ඇත.
මෙම ගැටලුවට Chat සේවාවක් වන Discord, Cryptocurrency Websites කිහිපයක්ද මුහුන පා ඇත. හාස්‍යයට කාරණාව නම් වෙබ් අඩවි පහත වැටී ඇද්දැයි පරික්ෂා කර බලන "
" වැනි වෙබ් අඩවි ද මේ හේතුවෙන් පහත වැටී ඇත. එම නිසා පාරිභෝගියන් කුමන services පහත වැටී ඇද්දැයි යන්න බලා ගැනීමටද අපහසුතාවයකට පත්ව ඇත.
Update: මෙයට හේතු වී අත්තේ Cloudflare servers වල CPU usage එක විශාල ලෙස වැඩි වීමක් (CPU spike) නිසා ප්‍රාථමික හා ද්විතීයික පද්ධති අකර්මන්‍ය විමකි.
මෙම Spike වීමට හේතු වූ process එක Shut Down කර ඇති අතර ඇති වූ දෝශය මිනිත්තු 30 ක් ඇතුළත යථා තත්ත්වයට පත් කිරීමට හැකි වී ඇත. මෙයට මූලික හේතුව දැන් විමර්ශනය කරමින් සිටින බව Cloudflare ආයතනය සදහන් කර ඇත.

No comments:
Post a Comment